සෞඛ්‍ය ලොක්කෝ පිළිකා ඖෂධවලිනුත් කෝටි 11ක් ගහලා…!

November 30, 2023 at 8:57 am | by emanisa.lk

පිළිකා රෝගීන් සඳහා භාවිත කරන රිටොක්සිනන් නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර රුපියල් කෝටි 11කට ආසන්න මුදලක් වංචා කොට ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නාය.‍

එම අධිකරණයේ විනිසුරු ලෝචනි අබේවික්‍රම වීරසිංහට ඊයේ (29) මේ බව දැනුම් දීමට කටයුතු කර තිබේ.

මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ ස්නායු රෝගීන් සඳහා භාවිත කරන ඉමියුනෝග්ලෝබින් නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්ත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරද්දීය.

මෙම ඖෂධ සඳහා රුපියල් කෝටි 11කට ආසන්න මුදල සමාගමට මුදා හරින ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා ඔහුගේ අත්අකුරින් ටෙන්ඩර් පත්‍රිකාවේ පෞද්ගලිකවම සටහනක් යොදා ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය දැනුම් දුන්නාය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට රහස් පොලිසියට නියම කරමින් අධිකරණය වරෙන්තුවක් නිකුත් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *