සිංහල බෞද්ධ සභ්‍යත්ව රාජ්‍යය රැක්කේ බැසිල්…! දැන් බැසිල් නැතිව පුළුවන් නම් රැකගනිල්ලා..!

May 15, 2022 at 11:56 am | by emanisa.lk

බැසිල්ට ඉන්නකල් බැනල දැන් අයින් කරල අර ජාතික සංවිධාන සෙට් එක ඊයේ කියනව විධායකය අහෝසි කරල රට අරාජික කරන්න යනවලු. මේව කාට කාටත් හොඳ පාඩම්. මමත් මේකට උදව් කරනවා.

මෑත ඉතිහාසයේ මේ රටේ විධායකය හෝ රාජ්‍ය කේන්ද්‍රය අනතුරට පත් වෙන්න ගියා දෙපාරක්. ඒ දෙපාරම බැසිල් රාජපක්ෂ තමා මැදිහත් වෙලා ආරක්ෂා කරල දුන්නෙ. පළවෙනි අවස්ථාව ශිරානි බණ්ඩාරනායක දිවිනැගුම නඩුවෙදි, එම පනත සම්මත කරන්න නම්, පළාත් සභා සියල්ලෙම අනුමැතිය ඕන කියපු එක. ශිරානි එහෙම කිව්වෙ, උතුරු පළාත් සභාවෙ අනුමැතිය නොලැබෙන බව දැන දැන.

ඒ විනිශ්චය ආවනම් ලංකාවේ මධ්‍යම ආණ්ඩුව සම්පූර්ණයෙන් ම බෙලහීන වෙනවා. රටට බලපාන පනතක් පාර්ලිමේන්තුට ගේන්න බැරි වෙනවා, පළාත් සභාවල අනුමැතිය නැතුව. ෆෙඩරල් වෙනවා කියන්නෙ ඒකට. එතෙන්දි දේශපාලන අවදානමක් පවා අරගෙන දෝෂාභියෝගය ගෙනත් ශිරානි ඉවත් කරන්නෙ ඒකයි.

දෙවැනි අවස්ථාව තමා 19 වැනි සංශෝධනය. ඒකෙනුත් විධායකය බෙලහීන කරල රාජ්‍ය දෙකට පළල තිබුනෙ. විධායක ක්‍රමය හා වෙස්මිනිස්ටර් ක්‍රමය යන දෙකට ම නැති අච්චාරුවක් හදල තිබුනෙ. බැසිල් රාජපක්ෂ 20 ගෙනත් ඒකත් නිවැරැදි කළා.

හැබැයි එතෙන්දිත් ඔය ජාතික සංවිධාන දැක්කෙ ද්විත්ව පුරවැසි වගන්තිය විතරයි. අනෙත් සේරම වගන්ති තියෙද්දි ඒක ඉස්සරහට දාලා බැසිල්ට ගැහුවා. ලංකාවේ විධායකය හෙවත්, මෙරට සිංහල බෞද්ධ සභ්‍යත්ව රාජ්‍ය රැකල දුන්න බැසිල් අවලස්සන ඇමරිකානුව කළා. ඔන්න දැන් ආපහු 19ට එහා ගිය සංශෝධනයක් ඇවිත් තියෙන්නෙ. පුළුවන් නම් බැසිල් නැතුව නවත්තගන්න.

මහින්ද පතිරණ…

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *