සිංහල බෞද්ධ ගෝඨා ජනාධිපති කරවන්න මැරෙන්න මුස්ලිම් අන්තවාදීන්ට මොළේ අමාරුවක් ද….!

September 5, 2023 at 5:12 pm | by emanisa.lk

සිංහල බෞද්ධ නායකයෙකු පත් කිරීම සඳහා මුස්ලිම් අන්තවාදීන් 09 දෙනෙකු ජීවිත පූජා කරන්නේ කුමන පිස්සුවක් නිසා දැයි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රශ්න කරයි.

ඔහු මේ බව සඳහන් කළේ, චැනල් 04 නාළිකාව මගින් පාස්කු ප්‍රහාරය සම්බන්ධ වීඩියෝවක් නිකුත් කිරීම පිළිබඳ අද (05) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමිනි.

මෙම ප්‍රහාරය එල්ල වීමට පෙර පොදුජන පෙරමුණ ජනාධිපතිවරණ ජයග්‍රහණය සඳහා අඩිතාලම දමා අවසන් බවත් 2018 පළාත් පාලන මැතිවරණය 80%කට අධික ජයග්‍රහණයක් ලබා ගැනීමට එම පක්ෂය සමත් වූ බවත් හිටපු ඇමැතිවරයා කියයි.

මෙම තොරුතුරු චැනල් 04 නාළිකාවට ලබා දුන් පුද්ගලයා, ස්විට්සර්ලන්තයට පළා ගොස් දේශපාලන රැකවරණ ඉල්ලා සිටින අන්ත දූෂිතයෙකු බව ද හෙතෙම ප්‍රකාශ කරයි. 2017 රු. 6000ක වැටුපට රැකියාවක් කළ මොහුගේ ගිණුමට 2018-2020 කාලයේ රු. ලක්ෂ 700ක මුදලක් ගලාවිත් ඇති බවත් දෙහිවල නිවසක් විකුණා ලක්ෂ 500ක් ද වාහනයක් විකුණා ලක්ෂ 140ක් ද උපයා ගෙන ඇතැයි ඔහු අනාවරණය කරයි.

එසේ ම අදාළ සිදුවීම වන සමයේ සුරේෂ් සාලේ ලංකාවේ නොසිටි බවත් ඔහු වාසය කළේ මැලේසියාවේ බවත් මහින්දානන්ද අලුත්ගමගේ පෙන්වා දෙයි.

එහෙයින් මෙවැනි අසත්‍ය ප්‍රචාර දියත් කොට රට නැවත අස්ථාවර කිරීමට කටයුතු කරන කණ්ඩායම්වට එරෙහිව උපරිම දඬුවම් ලබා දිය යුතු බව ඔහු අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *