භාග්‍යා කියන කතාවල කිසි ම පදනමක් නෑ…! සිංරාජේ අලිමංකඩක හොටෙල් හදන කතාව බොරු….! – වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව

April 7, 2021 at 7:46 pm | by emanisa.lk

සිංහරාජ වනාන්තරයෙහි අලිමංකඩ හෝටලයක් තනන බවට සිදුකරන ප්‍රචාරවල කිසිදු සත්‍යයතාවක් නොමැති බව වන සංරක්ෂණ දෙපාරතමේන්තුව පවසයි.

අදාළ ඉදිකිරීම් සිදුවන ඉඩම සිංහරාජයේ සිට කිලෝ මීටර 3.5-5ත් අතර දුරින් පිහිටි බවත් එය සිංහරාජයට හෝ එහි පරිවාර කලාපයට අයත් නොවන බව 2019 තහවුරු කර ඇති බවත් පෙන්වා දෙයි.

එය පැරණි තේ වගාවක් සහිත පෞද්ගලික ඉඩමක් බවත් එහි අදාළ ප්‍රාදේශීය සභාවේ අවසරය පරිදි නිවාස තුනක් ඉදිවන බවත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසයි.

සිරස ලක්ෂපති වැඩසටහනට පැමිණ භාග්‍යා අබේරත්න සිංහරාජය කපා හොටලයක් ඉදිකරන බව පැවසුවේ මෙම ඉඩමේ ය. එම වැඩසටහන පසු අදාළ හොටෙල් ඉදිවන සිංහරාජ ඉඩම ලෙස සිය ෆේස්බුක් ගිණුමට ඇතුළත් කර තිබුණේ ද මෙම ඉඩමේ ඡායාරූප ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *