සෑම ලාංකිකයන් විස්සකට ම කෙනෙක් කුඩ්ඩෙක්! මේ ආණ්ඩුව යටතේ සම්පූර්ණයෙන් මඩිනවා! – ඇමති සබ්‍රි

September 3, 2020 at 2:21 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියන් 20කට ම එක් අයෙකු මත්කුඩුවලට ඇබ්බැහි වී ඇති බව සංඛ්‍යා ලේඛන අනුව අනාවරණය වී ඇතැයි අධිකරණ ඇමති අලි සබ්‍රි පවසයි.

ඒ අනුව මෙරට ජනගහනයෙන් පන්ලක්ෂ පනස් තුන් දහසක් මත්කුඩුවලට ඇබ්බැහි වූවන්ය.

2015-19 සමයේ මත්කුඩු නඩු පනස් තුන් දහස් හයසියයක් වාර්තා වූ බවත් පසුගිය මාස කිහිපයේ පමණක් නඩු දහතුන් දහසක් වාර්තා වී ඇති බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය.

මෙම තත්ත්වය ඉතා ම බරපතළ බවත් වත්මන් ආණ්ඩුව යටතේ මත්කුඩු උවදුර මුලිනුපුටා දැමීමට කටයුතු කරන බවත් හෙතෙම අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස