සැකකරු මරා නොදැමුවේ යැයි කොළඹ පොලිස් ලොක්කට ලබා දුන් මාරුව අවලංගුයි!

March 15, 2019 at 7:35 am | by admin

කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වාට පොලිස්පති පුජිත ජයසුන්දර විසින් ලබා දුන් ස්ථාන මාරුව අවලංගු කරන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව ඊයේ (14) නියෝග කර තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාව මෙම තීරණය ගෙන ඇත්තේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා විසින් කරන ලද අභියාචනයක් සැලකිල්ලට ගනිමිනි.

ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා කොළඹ අපරාධ කොට්ඨාසයෙන් ඉවත් කර පොලිස් මූලස්ථානයේ සාමාන්‍ය රාජකාරි සඳහා යොදවා ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරවය.

ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ප්‍රනාන්දු පොලිස් මූලස්ථානයට අනුයුක්ත කරමින් සහ පොලිස් මූලස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී එච් ජානක කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ලෙස පත් කරමින් පොලිස්පතිවරයා ලබා දුන් නියෝගය අත්හිටුවන ලෙස ද ජාතික පොලිස් කොමිෂන් සභාව ඊයේ නියෝග කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *