සහල් මිල පහළට…! ඇති තරම් සහල් තොග වෙළඳපොළේ…!

August 30, 2022 at 9:00 am | by emanisa.lk

සහල් මිල අඩු වී තිබෙන බව මරඳගහමුල සහල් වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති බී. කේ. රංජිත් පවසයි.

ඉන්දියාවෙන් සහ චීනයෙන් ආනයනය කරන ලද සහල් මේ වන විට වෙළෙඳපොළේ අඩු මිලට අලෙවි කෙරෙන බැවින් දේශීය සහල් සඳහා පවතින ඉල්ලුම අඩු වී ඇතැයි ද ඔහු කීවේය.

දේශීය හොඳ තත්ත්වයේ සම්බා සහල් කිලෝවක් රුපියල් 225කටද, නාඩු සහල් කිලෝවක් රුපියල් 215කටද අලෙවි කෙරෙන බව සභාපතිවරයා පැවැසුවේය.

ඉදිරියේදී සහල් මිල වැඩිවීමට කිසිසේත්ම හේතුවක් නොමැති බවත්, ඉන්දියාවෙන් සහ චීනයෙන් ආධාර වශයෙන් ලැබුණු සහල් බෙදාහැරීමට නොහැකි තරමටම රට තුළ තිබෙන බවත් කී හෙතෙම ඉකුත් මහ කන්නයේ මිල දී ගත් වී තොග තවමත් වෙළෙඳපොළේ පවතින බව ද සඳහන් කළේය.

ඉදිරි මහ කන්නයට අවශ්‍ය සියලු ම රසායනික පොහොර සැපයීමට කෘෂිකර්ම ඇමැතිවරයා පොරොන්දු වූ බවත්, ඒ අනුව කටයුතු සිදුවුවහොත් ඉදිරියේ දී කිසිසේත්ම සහල් ගැටලුවක් උද්ගත නොවන බවත් ඔහු වැඩි දුරටත් පැවැසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *