සහරාන්ලගේ ඊළඟ ඉලක්කය දළදා පෙරහැර! ප්‍රහාරය සිද්ධ වුණා නම් විනාශය හිතාගන්න බෑ!

July 24, 2020 at 4:24 pm | by emanisa.lk

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවේ දෙවැනි ඉලක්කය බවට පත්ව තිබී ඇත්තේ, දළදා පෙරහැර බව පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමේ දී අනාවරණය විය.

කොමිසම හමුවේ සාක්ෂි දුන් රාජ්‍ය බුද්ධි සේවයට අනුබද්ධිතව නැඟෙනහිර පළාතේ සේවය කරන බුද්ධි නිලධාරියකු පැවසුවේ, ඊට අවශ්‍ය ඇඳුම් පවා ත්‍රස්තවාදීන් සූදානම් කරගෙන තිබූ බවය.

සයින්දමර්දුහි නිවසේ දී මියගිය පුද්ගලයින් 12 දෙනෙකු මෙලෙස දෙවන ප්‍රහාරයක් සඳහා සුදානම්ව සිට ඇති බවත් අගෝස්තු මස තෙක් සැඟව සිටීමට මොවුන් අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරක්ෂක නිවාස 08ක් මිලදී ගෙන තිබු බවත් බුද්ධි නිලධාරියා ජනාධිපති කොමිසම හමුවේ හෙළිදරව් කළේය.

පළමු ප්‍රහාරයෙන් පසු රාජ්‍ය බුද්ධි සේවය සිදුකළ මෙහෙයුම් ඔස්සේ දෙවන ප්‍රහාරය වළක්වා ගැනීමට හැකිවු බවත් යම් හෙයකින් දළදා පෙරහැර ඉලක්ක කර දෙවන ප්‍රහාරයක් සිදු වුයේ නම් සිදුවිය හැකිව තිබු විනාශය සිතා ගැනීමට පවා නොහැකි බව බුද්ධි නිලධාරියා සාක්ෂි දෙමින් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස