සල්ලිවලට කරන්න බැරි දෙයක් නෑ…! ජවිපෙ සහ පෙරටුගාමීන් අරගලය පාවා දුන්නා….! – ආචාර්ය අජන්තා පෙරේරා….

August 13, 2022 at 4:59 pm | by emanisa.lk

බැරියර් පෙරළ ගෙන සිස්ටම් චේන්ජ් කිරීමට පැමිණි පිරිස අරගලය පාවා දුන් බව ආචාර්ය අජන්තා පෙරේරා පවසයි.

නිර්පාක්ෂික අරගලයට එකතු වූ පක්ෂ විසින් මෙම පාවාදීම සිදුකළ බවයි, ඇය පවසන්නේ.

අරගල භූමියේ ආරක්ෂාව සඳහා එම පක්ෂ නඩුවක් පැවරූ බවත් ඔවුන් විශ්වාස කළ තමන් ඒ වෙනුවෙන් අධිකරණයට නොගිය බවත් ආචාර්ය අජන්තා පෙරේරා සඳහන් කරයි.

එහෙත් තම පාර්ශ්වවලින් කිසිදු විමසීමක් සිදු නොකර එම නඩු ඉල්ලා අස්කර ගැනීම ඔස්සේ අදාළ පක්ෂ මහා පාවාදීමක් සිදුකළ බවට ඇය චෝදනා කරයි.

අරගලකරුවන්ට මුදල් දෙමින් ද ජනාධිපති කාර්යාලයට රැගෙන යමින් ද එම පිරිස බිලි බා ගත් බවත් තමන්ට මුදල් ලබා දීමට පිරිසක් ඉදිරිපත් වූ බවත් ආචාර්ය අජන්තා පෙරේරා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *