සමාජ මාධ්‍ය බලයට පත් කළ ආණ්ඩුව තමන්ට එරෙහිව අදහස් දක්වන සමාජාලා ගිණුම් අක්‍රීය කරනවා! දැන් සමාජමාධ්‍ය මර්දනයට නව නීති ගේන්න හදනවා! (video)

June 16, 2019 at 9:29 am | by emanisa.lk

ආණ්ඩුව විසින් යෝජිත සයිබර් ආරක්ෂණ පනත මගින් ජනතාවගේ ප්‍රකාශන අයිතිය අහෝසි කිරීමට සූදානම් වන බව අන්තර්ජාල නිදහස සුරකින්නෝ සංවිධානය පවසයි.

ආණ්ඩුවට විරුද්ධ අදහස් දක්වන පුද්ගලයන්ගේ සමාජජාලා ගිණුම් අක්‍රීය කිරීමට කටයුතු කළ බව එම සංවිධානයේ නීතිඥ මනෝජ් ගමගේ ප්‍රකාශ කළේය.

එම මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු වැඩි දුරටත් මෙසේ පැවසීය.

“වත්මන් ආණ්ඩුව බලයට Y5 නොමිලේ කිව්වා. දැන් සල්ලි දීලත් බැහැ. සයිබර් ආරක්ෂණ කෙටුම්පතක් ගෙන්න හදනවා. දත්ත ආරක්ෂා කිරීමේ කෙටුම්පතක් ගේන්න හදනවා. අන්තර්ජාලය ආරක්ෂා කරන්න ගේනවා කිව්වට මේවා අධ්‍යනයේදී පේන්න තිබෙන්නේ අන්තර්ජාලය මර්දනය සඳහා ගෙනාව පනත් බවයි.

චීනය සහ මැදපෙරදිග රටවල අන්තර්ජාලය රජය අවශ්‍ය ආකාරයට පාලනය කරනවා. ඒ රටවල් භාවිත කරන තාක්ෂණය ගෙන්වලා ඊළඟ ජනාධිපතිවරණයේදී විරුද්ධ අපේක්ෂකයාගේ නම භාවිත කළත් එම සමාජජාලා ගිණුම් අක්‍රීය වන තැනට කටයුතු කිරීමේ අවධානමක් තිබෙනවා. ජනාධිපතිවරයාට සහ රජයට අපි කියන්නේ අදහස් පළකිරීමේ අයිතිය නැති කරන්න එපා.”

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස