සමාජ මාධ්‍යවල ගියේ රාගම එක වාට්ටුවයි.. අනික් වාට්ටු එහෙම නෑ…! – සෞඛ්‍ය ඇමැතිනි….

August 5, 2021 at 8:04 am | by emanisa.lk

පසුගිය දිනවල කොවිඩ් රෝගීන්ගෙන් පිරී ඇති ආකාරය දක්වමින් සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වූයේ රාගම රෝහලේ එක් වාට්ටුවක වීඩියෝවක් බවත් එහි සෙසු වාට්ටුවල එවන් තත්ත්වයක් නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

රාගම රෝහලට ඇතුළත් කෙරෙන කොවිඩ් රෝගීන් මුලින්ම එක් වාට්ටුවකට යොමුකර එහිදී රෝගීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර බලා වෙනත් වෙනත් වාට්ටුවලට යොමු කෙරෙන බව පැවසූ අමාත්‍යවරිය සඳහන් කළේ සමාජ මාධ්‍ය ජාලවල පළවූ වීඩියෝව එකී රෝගීන් මුලින්ම ඇතුළත් කෙරෙන වාට්ටුවේ එකක් බවයි.

කෙසේ වෙතත් එම තදබදය ද තුරන් කිරීම සඳහා තවත් වාට්ටු කිහිපයක්ම කොවිඩ් රෝගීන් වෙනුවෙන් වෙන් කිරීමට පියවර ගන්නා බවත් පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කළාය.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ ඊයේ (04) රාගම රෝහලෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *