සම්පායෝ නැළවූ පොලිස් කණ්ඩායම ගැන විමර්ශනයක්!

August 5, 2020 at 10:27 am | by emanisa.lk

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ පසුගිය දෙවැනිදා අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට අධිකරණයට ඉදිරිපත් කිරීම දක්වා හැසිරුණු ආකාරය පිළිබඳ සොයා බැලීමට පොලිස්පතිවරයාගේ නියෝගයෙන් විමර්ශනයක් ආරම්භකොට තිබේ.

පොලිස් විශේෂ විමර්ශන කාර්යාංශය මෙම විමර්ශනය අරඹා ඇත.

මෙම විමර්ශනය පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්නගෙන් විමසූ අවස්ථාවේදී ප්‍රකාශ කළේ වැඩ තහනමට ලක්ව සිටින හිටපු බන්ධනාගාර අධිකාරිවරයා පොලිස් අත්අඩංගුවට ගත් අවස්ථාවේ මාධ්‍යකට ප්‍රකාශ නිකුත් කිරීම, මීගමුව අධිකරණ භූමියට ඇතුල් වූ අවස්ථාවේ අත්විලංගු පැළඳවීමට විරෝධය දැක්වීම, මුහුණු ආවාරණය ගලවා විසිකිරීම වැනි සිදුවීම්වලදී පොලිසිය කටයුතු කළ ආකාරය පිළිබඳ මෙමගින් සොයාබලන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *