වර්තමාන ආණ්ඩුවේ ලිච්ඡවී පාලනය යනු සමගියෙන් එකතු වී සමගියෙන් ගසා කමින් සමගියෙන් රට විනාශ කොට අසමගිය ඇති කර උන් උන් මරා ගැනීම යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක පවසයි.
බමුණු කුලයේ එකෙක් ශ්‍රීලනිපයට රිංගා කුටු කුටු ගාමින් එම පක්ෂය විනාශ කර එහි නායකයා ද විනාශ කිරීමට කටයුතු කරන බවත් මැයි රැලියේ ඩවුල් ගසමින් සිංදු කියමින් හැරෙන හැරෙන අතට කතා කරන පුද්ගලයාගෙන් එම පක්ෂය බේරා ගන්න ලෙස ශ්‍රීලනිපයට ආදරය කරන පුළුටක් හෝ සිටී නම් ඔහුගෙන් ඉල්ලා සිටින බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.