සඳුදා ලක්ෂ ගණනින් කොළඹ වටලනවා..! ඡන්දෙ තබන තුරු අරගලක කරනවා..! – සජබ..

February 18, 2023 at 10:09 am | by emanisa.lk

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිමේ දිනය කල් තැබිමට විරෝධය පාමින් සමගි ජන බලවේගය සඳුදා කොළඹ වටලන බව සමගි ජන බලවේග මන්ත්‍රී නලින් බණ්ඩාර පවසයි.

නලින් බණ්ඩාර මන්ත්‍රිවරයා ඒ බැව් කියා සිටියේ (17) දින ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පළාත් පාලන ආයතන 4 ක් සඳහා සමගි ජන බලවේගයෙන් තරග කරන අපෙක්ෂකයන්ගේ ජය තහවුරු කිරිම සදහා ගිනිගත්හේන සජබ කාර්යාලයේ පැවති රැස්විම අමතමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු නලින් බණ්ඩාර මන්ත්‍රිවරයා කියා සිටියේ පළාත් පාලන මැතිවරණය කල් දමනු ලබන්නේ මුදල් නොමැතිකම නිසා නොව රට පාලනය කරන ජනාධිපතිවරයාට හෝ පොහොට්ටුවට ජන වරමක් නොමැති නිසා බවයි.

රජයේ මුද්‍රණාලයට මුදල් ප්‍රතිපාදන ලබා නොදි, පළාත් පාලන මැතිවරණය කුමන හෝ ආකාරයකින් නතර කිරිමට රටේ පාලකයින් පියවර ගෙන ඇති බවත්, පළාත් පාලන මැතිවරණය පවත්වන තෙක් සමගි ජන බලවේගය අරගල කරන බවත් නලින් බණ්ඩාර මන්ත්‍රිවරයා කියා සිටියේය.

වත්මන් පාලකයින් රටේ ජනතාවගේ ජිවන වියදම ඉහළ දැමුවාට අමතරව විදුලි බිල ද ඉහළ දැමිම තුලින් විදුලි පාරිභෝගිකයන් දැඩි පිඩාවට පත් වි ඇති බව ද නලින් බණ්ඩාර පැවසිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *