සජිත් 21ට විරුද්ධ වෙන්නේ ද්විත්ව පුරවැසි බැසිල් රකින්න..! – රුවන් විජේවර්ධන…

May 24, 2022 at 4:54 pm | by emanisa.lk

21 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කවුරුන් හෝ අකමැති නම් එයින් පැහැදිලි වෙන්නේ ඔහුට හෝ ඇයට ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවේ තියා ගැනීම අවශ්‍ය බව යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පවසයි.

කවුරුන් හෝ 21 සංශෝධනයට විරුද්ධ වන්නේ නම් ඒ ද්විත්ව පුරවැසියන්ගේ අවශ්‍යතාව මත යැයි පැහැදිලි බව ද විජයවර්ධන අවධාරණය කරයි.

ද්විත්ව පුරවැසියන් සමඟ ඩීල් තියෙන්නේ කාටදැයි කියා එහිදී ජනතාවට බලා ගන්නට හැකි බව ද රුවන් විජයවර්ධන සඳහන් කළේය.

21 වෙනි සංශෝධනයට සංශෝධන ඉදිරිපත් කරන්නට දේශපාලන පක්ෂවලට අවස්ථාව තිබෙන බව කී රුවන් විජයවර්ධන, එසේ නොකර “අරයා කියපු එක නෑ, මෙයා කියපු එක නෑ කියා අවස්ථාවෙන් පැන යන්න එපා යැයි ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *