සජිත් අතහැර පිරිසක් ආණ්ඩුවට…!

August 12, 2022 at 10:47 am | by emanisa.lk

සර්වපාක්ෂික ආණ්ඩුව පිහිටුවීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පක්ෂයේ ඇති මතභේද මේ වන විට ඉතා උග්‍ර තත්ත්වයට පත්ව තිබේ.

රට ආර්ථික වශයෙන් බරපතළ අර්බුදයකට පත්ව ඇති මේ අවස්ථාවේ සාමූහිකව රට ගොඩනැගීමට උත්සාහ දැරිය යුතු බව එම පක්ෂයේ පිරිසකගේ අදහස වී තිබේ.

පක්‍ෂයේ ප්‍රධාන තනතුරු දරන ජ්‍යේෂ්ඨයන් පිරිසක් සඳහන් කර ඇත්තේ මේ මොහොතේ ආණ්ඩුවට එක්වී රට ගොඩනැගීමට උත්සාහ කළ යුතු බවත් නොඑසේනම් ජනතාව තම දේශපාලනය ප්‍රතික්ෂේප කරනු ඇති බවයි.

යම් හෙයකින් පක්ෂය සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක් නොවීමට තීරණය කළහොත් තමන් පෞද්ගලික මට්ටමින් ආණ්ඩුවට එක්වන බව දැනටමත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු ඇතුළු කණ්ඩායමක් ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *