සජිත්ලගේ ආණ්ඩුව උදුරාගත් පාසල් නිල ඇඳුම අපි නැවත ලබා දෙනවා! -ශෙහාන් සේමසිංහ

November 3, 2019 at 12:35 pm | by emanisa.lk

වර්තමාන ආණ්ඩුව පාසල් දරුවන්ගෙන් උදුරා ගෙන විනාශ කළ පාසල් නිල ඇඳුම ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව යටතේ නැවතත් දරුවන්ට ලබා දීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ පවසයි.

රනිල්-සජිත් ආණ්ඩුව මෙරට අධ්‍යාපන ක්‍රමය විනාශ කළ බවටත් පාසල් පොතේ සිට නිල ඇඳුම දක්වා සියල්ල වක්‍රව මුදලට සීමා කර ඇති බවටත් මන්ත්‍රීවරයා චෝදනා කළේය. වර්තමාන ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වන නිල ඇඳුම් වවුචර ක්‍රමය අහෝසි කරන බව ද පැවසුවේය.

සජිත් ප්‍රේමදාසලා අද කතා කරන දියුණු අධ්‍යාපන ක්‍රමය 2015 වන විට තම ආණ්ඩුව යටතේ ගොඩනඟා තිබූ බවත් එහෙයින් අද වන විට සිසු දරුවන් විශාල ප්‍රමාණයක් විශ්වවිද්‍යාල වරම් ලබන බවත් සඳහන් කළේය.

ඉදිරියේදී සියලු දරුවන්ට සමාන අධ්‍යාපන අවස්ථා ලබා දෙමින් ඔවුන්ගේ කුසලතා වැඩි දියුණු කර රැකියා අවස්ථා ලබාගත හැකි වන ආකාරයට නව රැකියා අවස්ථා උත්පාදනය කරන බව ද අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස