සජබ නායකයින් අපව රැවැට්ටුවා…! ජනතාව ඉන්නේ දැඩි කෝපයෙන්…! – බේරුවල නගරාධිපති…

January 26, 2023 at 9:26 am | by emanisa.lk

සමගි ජනබලවේගයේ නායකයින් තමාව රැවටීමට ලක් කළ බව බේරුවල නගරාධිපති මසායි මොහොමඩ් පවසයි.

“අවසාන දිනයේ උදේ 8.30 තමා මෙයාලා ඇවිත් භාරදුන්නේ මගේ නම නැතුව. ඒක තමා මේ අය කරපු වැඩේ. නායකතුමා මගෙත් එක්ක ඉඳලා ෆොටෝ එකක් ගත්තා. එදා පොරොන්දු වුණා අපි ඔක්කෝම එකතුවෙලා සජබය දිනවමු කියලා. මේ පොරොන්දුව එයාලා කඩ කළා. මගේ විශ්වාසයට ද්‍රෝහිකමක් මට කළා.

ඒවා තුළින් ජනතාව දැන් සම්පූර්ණයෙන්ම කෝපවෙලා ඉන්නේ. ජනබලයත් එක්ක තමා අපි නායකතුමා හම්බෙන්න ගියේ. නමුත් මෙතෙන සමගිය ඇති කරන්න ඕන කට්ටිය අසමගියක් ඇති කරලා තියෙනවා.

අද ජනතාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා තියෙනවා, සමගි ජන බලවේගය බේරුවල ආසනයේ. මෙහෙම ගිහින් කොහොමද ලංකාව ගොඩ ගන්නේ. නායකතුමාගේ නායකත්වය එතැන පෙන්නුම් කළේ නෑ. මේ වගේ ශක්තිමත් නොවන නායකයෙක් රට කොහොමද පාලනය කරන්නේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *