සජබ ජ්‍යේෂ්ඨයින් සතියක වැඩමුළුවක…! සජිත්ගේ ප්‍රතිරූපය නංවන සැලැස්මක්….!

July 4, 2021 at 3:48 pm | by emanisa.lk

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සහ සමගි ජනබලවේගයෙහි ප‍්‍රතිරූපය ඉහළ නැංවීමට එම පක්ෂය විශේෂ ක්‍රියාකාරී සැලැස්මක් සැකසීමට නියමිතය.

පවතින දේශපාලන තත්ත්වය සහ කොවිඩ් ව්‍යාප්තිය ඇතුළු කරුණු කිහිපයක් සැලකිල්ලට ගනිමින් සජබ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් පසුගිය සතිය පුරාම වැඩමුළු පවත්වමින් ඉදිරි සැලසුම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. එම වැඩමුළුවලින් පසුව සජබ ප‍්‍රධාන කාර්යාලයේ දී විපක්ෂ නායකවරයා හමුවී නව යෝජනා පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට තිබේ.

ඉන්පසුව පක්ෂයේ මතවාදය ජනතාව අතරට ගෙන යෑම, කොවිඩ් මධ්‍යයේ ඉදිරි දේශපාලන කටයුතු කිරීම, තරුණ ප‍්‍රජාව පක්ෂයට ඇතුළත් කර ගැනීම සහ විශේෂයෙන් පක්ෂයේ මෙන්ම විපක්ෂ නායකත්වයේ ප‍්‍රතිරූපය ඉහළ නැංවීමට කටයුතු කළ යුතු යැයි තීරණය වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස