සජබ කිසිවෙක් ඇමැතිකම් ගන්නේ නෑ…! – සජිත්…

November 7, 2022 at 7:51 pm | by emanisa.lk

ආණ්ඩුව සීමා නිර්ණය කොමිසමක් දමා පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ උප්පරවැට්ටියක් ආරම්භ කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරයි.

ජනතාවට තවත් බදු බර පැටවීම සඳහා ආණ්ඩුවට මැතිවරණ විරාමයක් උවමනා වී ඇතැයි ද හෙතෙම කීය.

කපුටාගේ උපදෙස් අනුව ජනතාව එළවා දැමූ පොහොට්ටුවේ 44 දෙදෙනකුට රාජ්‍ය ඇමැතිකම් ලබා දී ඇතැයි ද විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

ඉදිරියේ දී තවත් ඇමැති ධූර ලබා දීමට සූදානම් වුව ද සමගි ජන බලවේගයේ හෝ සමගි ජන සන්ධානයේ කිසිවෙකු මේ ආණ්ඩුවට එකතු නොවන බව ද සජිත් ප්‍රේමදාස අවධාරණය කළේය.

ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ, මේ ආණ්ඩුව වහා ම පළවා හැරීමට කටයුතු කරන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *