සංචාරකයින් සඳහා කොවිඩ් මර්දන නීති ඉවත් කරන්න….! – සෞඛ්‍ය අමාත්‍යංශයට ලිපියක්….

September 8, 2021 at 1:17 pm | by emanisa.lk

කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා නිකුත් කර ඇති මාර්ගෝපදේශන විදෙස් සංචාරකයින් සඳහා ලිහිල් කරන ලෙස ඉල්ලමින් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සෞඛ්‍ය අමාත්‍යංශය වෙත යොමු කර තිබේ.

පූර්ණ එන්නත්කරණයට ලක් කළ ගුවන් යානා කාර්ය මණ්ඩලවලට මුව ආවරණ ඉවත් කිරීම, පැය 72ක් ඇතුළත PCR පරික්ෂණ කළ අයට, මගීන් සඳහා අවශ්‍ය නීති ඉවත් කිරීම, අවු. 12 සහ ඊට අඩු දරුවන් PCR පරික්ෂණවලින් නිදහස් කිරීම සහ පූර්ණ එන්නත්කරණය කළ සංචාරකයින් අහඹු ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කිරීම සඳහා එමගින් අවසර ඉල්ලා තිබේ.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය සහ සංචාරක මණ්ඩල සභාපතිනී කිමාලි ප්‍රනාන්දු මේ වන විට රුසියාවේ සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා පිටත්ව ගොස් තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සංචාරක වෙළෙඳපොළක් වන රුසියාවේ ජනගහනය මිලියන 144 වන අතර ඉන් 24% පූර්ණ එන්නත්කරණය සඳහා භාජනය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *