සංචරණ සීමාවල අරමුණු ඉටු වෙලා නෑ…! වරද විනයක් නැති ජනතාවගේ…! – PHI සභාපති උපුල් රෝහණ…

June 3, 2021 at 10:18 am | by emanisa.lk

පනවා ඇති සංචරණ සීමා ඉවත් නොවුණොත් එහි සම්පූර්ණ වගකීම සංයමයකින් තොරව හැසිරෙන ජනතාව භාරගත යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කරයි.

“රජය දිවයින පුරා සංචරණ සීමා පනවා ඇත්තේ කිසියම් හේතුවකටයි. ඒ බව මහජනතාව අවබෝධ කරගත යුතුයි. නමුත් මහ ජනතාව සංචරණ සීමා පිළිගන්නා බවක් පේන්න නැහැ.

දිනපතා වාර්තා වන කොවිඩ් ආසාදිතන්ගේ සහ මිය යන ප්‍රමාණය අනුව රජය බලාපොරොත්තු වූ අරමුණ ඉටු වී නොමැති බවත් දක්නට තිබෙනවා. මෙම තත්ත්වය අනුව සංචරණ සීමා ඉවත් කිරීමට ඇති දිනය තවත් දින කීපයකින් කල් යාමට පවා ඉඩ තිබෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *