ශ්‍රී ලංකා මුස්ලිම් අයිතීන් වෙනුවෙන් ජාත්‍යන්තරය වැඩ අරඹයි… ..! බ්‍රිතාන්‍යයේ විශාලතම මුස්ලිම් සංවිධානයෙන් ලංකාවට එරෙහිව නඩු..!

December 31, 2020 at 12:56 pm | by emanisa.lk

කොරෝනා මරණ ආදාහනය කිරීමේ තීන්දුව මුල් කරගෙන බ්‍රිතාන්‍යයේ විශාලතම මුස්ලිම් සංවිධානය වන Muslim Council of Britain (MCB) සංවිධානය ශ්‍රී ලංකා රජයට එරෙහිව නඩු පැවරීමට සූදානමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට ඇත.

ඔවුන් පෙන්වා දෙන්නේ මානව හිමිකම්වලට ගරු කරමින් ආණ්ඩුව සිරුරු භූමදානය සඳහා අවසර ලබා දිය යුතු බව ය.

මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා එම සංවිධානය නීතීඥවරුන්, වෛද්‍ය විශේෂඥයන් සහ ජ්‍යෙෂ්ඨ සමාජ ක්‍රියාකාරීන්ගෙන් සමන්විත කාර්ය සාධක බළකායක් පිහිටුවා ඇති බව ද දැනගන්නට ඇත.

එම කාර්ය සාධක බළකාය මේ බව දැනටමත් බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා වෙත සහ ශ්‍රි ලංකා මහ කොමසාරිස්වරයා වෙත ලිඛිතව දැනුම් දී ඇති බව ද වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස