ශ්‍රී ලංකාවේ 18, 000ක් මිය යාමේ අවදානමක්…! වහා ඇඳිරි නීතිය පනවන්න…! – WHO අනතුරු අඟවයි…

August 13, 2021 at 10:23 am | by emanisa.lk

වර්තමාන කොවිඩ් වසංගත තත්ත්වය පාලනය නොකළහොත් එළඹෙන ජනවාරි වන විට ශ්‍රීි ලංකාවේ කොවිඩ් මරණ 18, 000ක් සිදුවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

ලෝක සෞඛ්‍ය සංවිධාන ශ්‍රී ලංකා ශාඛාව සහ විශේෂඥයින් පිරිසක් සැකසූ වාර්තාවක් මගින් මේ බව පෙන්වා දී තිබේ. අදාළ වාර්තාව ඊයේ (12) සෞඛ්‍ය අමාත්‍යංශයට භාර දී තිබේ.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා අදාළ වාර්තාව මගින් නිර්දේශ කිහිපයක් සිදුකර තිබේ. පළාත් සංචරණ සීමා වෙනුවට දිස්ත්‍රික් සංචරණ සීමා පැනවීම, කෙටි කාලයක් සඳහා ඇඳිරි නීතිය පැනවීම, සති තුනක් සඳහා සියලු මහජන උත්සව තහනම් කිරීම, ජනතාව ඒකරාශි වීම වැළැක්වීම, සෞඛ්‍ය කාර්යමණ්ඩල රැකගැනීම, ජනතාව දැනුම්වත් කිරීම, නිවැරදි කොවිඩ් මරණ දත්ත නිවැරදි කිරීම සහ වයස අවු. 60ට වැඩි කණ්ඩායම් වහා එන්නත් කිරීම ඒ අතර වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *