ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන වැඩපිළි‍වෙළට ජාත්‍යන්තර සහතිකයක්! ලාංකිකයන්ට PCR නැතිව එංගලන්තයට එන්න අවසර!

November 20, 2020 at 1:17 pm | by emanisa.lk

ඊශ්‍රායලය, උරුගුවේ සහ ශ්‍රී ලංකාව ඊයේ (19) එංගලන්තයේ ආරක්ෂිත සංචාරක ලැයිස්තුවට ඇතුළත් කරන ඇතැයි රොයිටර් පුවත් සේවයි පවසයි.

එම රටවල් මෙන් ම නැමීබියාව, රුවන්ඩාව, බොනෙයා, ශාන්ත යූස්ටේටියස් සහ සාබා, උතුරු මරියානා දූපත් සහ එක්සත් ජනපද වර්ජින් දූපත්වල සංචාරකයින්ට ද හෙට (21) සිට එංගලන්තයට පැමිණෙන විට තව දුරටත් නිරෝධායන ක්‍රියාවලියකට ලක් වීමට සිදු නොවනු ඇතැයි එහි සඳහන් වේ.

මෙම සතිය තුළ දී කිසිදු රටක් ආරක්ෂිත ලැයිස්තුවෙන් ඉවත් කර නොමැති බව ද බ්‍රිතාන්‍ය ප්‍රවාහන ලේකම් ග්‍රාන්ට් ෂැප්ස් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස