ශ්‍රීලනිප යෝධයා නැඟිට්ටුවන්න කියල මට ලියුම් එවනවා…! මං මේ ඉන්නේ නැඟිට්ටුවන වැඩපිළිවෙළ්…!- මෛත්‍රී…

March 30, 2021 at 12:11 am | by emanisa.lk

අද ශ්‍රීලනිපයට විශාල ඉල්ලුමක් නිර්මාණය වී ඇති බවත් රට පුරා බොහෝ දෙනෙකු ශ්‍රීලනිපය නැමැති යෝධයා නැඟිටුවීමට ප්‍රමාද ඇයි ද කියා විමසා ලියුම් එවන බවත් හිටපු ජනාධිපති ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

තමා සිටින්නේ ශ්‍රීලනිපය නැමැති යෝධයා නැඟිටුවීමේ වැඩපිළිවෙළේ බව ද ඔහු සඳහන් කළේ ය.

අලුතින් සිතමින් අලුත් ජනතාවාදී පක්ෂයක් ලෙස කටයුතු කළ යුතු බවත් මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළේ ය.

අලුත් ව්‍යවස්ථාව මගින් පළාත් සභා ශක්තිමත් කිරීමටත් ශ්‍රේෂ්ඨාධිකරණ බලතල පළාත් අධිකරණ වෙත ලබා දීමටත් පසුගියදා ශ්‍රීලනිපය යෝජනා කර තිබිණි.

ශ්‍රීලනිප මැද කොළඹ ආසන බල මණ්ඩලය පිහිටුවීමේ උළෙලට එකතු වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *