ශ්‍රීලනිපය විමල්ගේ පස්සේ යන තැනට දාන්න එපා….! – සන්ධාන යෝජනාවට ශ්‍රීලනිප බහුතරය එරෙහි වෙති….

September 6, 2021 at 10:04 pm | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, විමල් වීරවංශ ඇතුළු සුළු පක්ෂ දහය සමග සන්ධානගත විය යුතු බවට ඉදිරිපත් වූ යෝජනාවක් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ දී ප්‍රතික්ෂේප වී තිබේ.

මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක විසිනි. රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මෙම යෝජනාවට පක්ෂව අදහස් දක්වා තිබේ.

කෙසේ වුව ද මෙම යෝජනාව සඳහා ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ බහුතරය දැඩි ලෙස විරුද්ධ වී ඇති අතර ශ්‍රීලනිය කිසිසේත් විමල්ලාගේ පස්සෙන් යන මට්ටමට නොවැටිය යුතු බව අවධාරණය කර තිබේ.

එහි දී ඇමැති මහින්ද අමරවීර පවසා ඇත්තේ විමල්ලා පසුපස යාම වෙනුවට ශ්‍රීලනිපය මුල්ව සන්ධානයක් ගොඩනැගිය යුතු බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *