වෛද්‍ය ෂිහාබ්ඩීන්ගේ නීති විරෝධි වඳ සැත්කම් ගැන CIDයට පැමිණිලි කරන්න! දැනටම රෝහලට පැමිණිලි පිට පැමිණිලි!

May 26, 2019 at 7:04 pm | by admin

සැකසහිත ලෙස වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කුරුණෑගල ශික්ෂණ රෝහලේදී වෛද්‍ය ෂිෆා ෂිහාබ්ඩීන් නීති විරෝධී වඳ සැත්කම් සිදුකළ බවට පැමිණිලි ඇත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලෙස පොලීසිය මහ ජනතාවට දැනුම් දෙයි.

සැකසහිත ලෙස වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව මෙම වෛද්‍යවරයා ඊයේ (25) අත්අඩංගුවට ගනු ලැබුවේය.

පසුව වැඩිදුර විමර්ශන සඳහා වෛද්‍යවරයා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගැනුණි.

අදාළ වෛද්‍යවරයා විසින් සිසේරියන් සැත්කම් 8000 ක් පමණ සිදු කළ බවද අනාවරණය විය. මේ වන විටත් කුරුණෑගල රෝහලට වෛද්‍ය ෂාෆිට එරෙහිව පැමිණිලි ලැබෙමින් ඇත.

මොහු ඇමති රිෂාඩ් බදියුදීන්ගේ පක්ෂයේ ප්‍රබලයකු වන අතර 2015 වසරේ වසරේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයකු ලෙස තරඟ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස