වේල්ලවිදියේ හිස නොමැති කවන්ධය කුරුවිට තරුණියගේ බව DNA පරීක්ෂණයෙන් තහවුරුයි….!

March 9, 2021 at 11:31 am | by emanisa.lk

කොළඹ, වේල්ල වීදිය‍, ප්‍රදේශයේ දී හමුවු හිස නොමැති තරුණියකගේ මළ සිරුර කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියගේ බවට DNA පරීක්ෂණයෙන් තහවුරු වී තිබේ.

පසුගිය මාර්තු මස 1 වන දින එම තරුණියගේ මළ සිරුර සොයාගනු ලැබු අතර, එහි හිස නොමැති බැවින් විද්‍යානුකූල හඳුනාගැනීමක් සඳහා මෙලෙස DNA පරීක්ෂණයක් සිදුකිරීමට තීරණය කෙරිණි.

එම DNA පරීක්ෂණය රජයේ අතිරේක රස පරීක්ෂක, ඩී.එච්.එල්.ඩබ් ජයමාන්න විසින් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

එම වාර්තාවේ, අදාළ තැනැත්තියගේ මවගේ සහ සහෝදරයාගේ DNA සාම්පල සමග ඝාතනය වු තරුණියගේ DNA සාම්පලය සැසදෙන බව සඳහන් ව ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඒ අනුව, ඝාතනයට ලක්ව ඇති තරුණිය කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි තරුණිය බවට සනාථ වී තිබේ.

දේහය පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය අද (09) සිදුකිරීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *