වේගෙන් යන අපේ බස්වලට ත්‍රීවිල් පස්සේ කොට කොට යන්න බෑ! – බස් ගැමුණු යෝජිත මං තීරු නීතියට එරෙහි වෙයි…

September 16, 2020 at 8:40 am | by emanisa.lk

බස් රථ මං තීරුවේ ත්‍රිරෝද රථ සහ යතුරුපැදි ගමන් කළ යුතු බවට පොලීසිය විසින් ගෙන ඇති තීරණයට විරෝධය පළ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

ඒ ඊයේ (15) කොළඹ දී පවති මාධ්‍ය හමුවකදීය.

මෙම තීරණය හකුළා ගැනීමට පොලීසිය කටයුතු නොකළොත් බස් රථ ධාවනයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව ගැමුණු විජේරත්න පවසයි.

බස් රථ මං තීරුව ගැසට් කර තිබියදී එහි ත්‍රීරෝද රථ සහ යතුරුපැදි ගමන්කිරීම නීති විරෝදී බව ඔහු පවසයි. තවද පවත්නා නීතිය පොලීසිය විසින් ම කඩකිරීමට එරෙහිව ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.

ත්‍රිරෝද රථයක උපරිම වේගය පැයට කිලෝමීටර් 40ක්ව තිබියදී මගීන් 60–70 ක් අතර ගෙන යන බස් රථ එය පසුපසින් යෑම ගැටලුකාරී බව ගැමුණු විජේරත්න වැඩි දුරටත් පවසයි. තවද මංතීරු නීතිය හේතුවෙන් යතුරුපැදි කරුවන් අනතුරට ලක්වීමේ අවදානමක් තිබෙන බවත් යම් අනතුරක් සිදු වුවහොත් එහි වගකීම පොලීසිය ගතයුතු බවත් ඔහු සඳහන් කරයි.

මංතීරු නීතියේ තිබෙන ගැටළු මගහරවා ගැනීමට පොලිසිය හා ප්‍රවාහන සංගම් එකතුකර සාකච්ඡාවක් කැඳවන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ඔහු පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස