වෙසක් පොහොයට ලංකාවේම දන්සල් 95යි! පෙර වෙසක් කාලවල පැවති දන්සැල් 5905ක් මෙවර නෑ!

May 17, 2019 at 12:41 pm | by admin

මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් ලියාපදිංචි වී ති‍බෙනුයේ දන්සල් 95ක් පමණක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේය. සාමාන්‍යයෙන් වෙසක් සමයේදී දන්සල් 6000 කට අධික ප්‍රමාණයක් ලියාපදිංචි වන බවද එම සංගමය පෙන්වා දෙයි.

ආරක්ෂක හේතු නිස වෙසක් කළාප සහ තොරණ ඇතුළු සැණකෙළි අවලංගු කර දමා ඇති අතර ජනතාවට ආධ්‍යාත්මික පූජාව සඳහා මුල් තැන ලබා දී මෙවර වෙසක් මංගල්‍යය සමරන ලෙස මහ නායක හිමිවරු ද ඉල්ලා සිටියහ.

මෙවර වෙසක් උත්සව සඳහා යෙදවීමට සැලසුම් කළ මුදල් පාස්කු ප්‍රහාරය නිසා අසරණ වූ ජනතාවට ලබා දෙන්න යැයි බෙංගමුවේ නාලක හිමි ඉල්ලා සිටියේය.

මෙම ත්‍රස්ත ගැටලු විසඳන තුරු වෙසක් පොසොන් ආදී කිසිම උත්සවයක් සඳහා සහභාගී නොවන ලෙස ඥානසාර හිමි ඉල්ලා සිටියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස