වී කිලෝවක් සඳහා රුපියල් 140 කට වැඩි මිලක් ගොවීන්ට ලබාදිය යුතු වුවත් අවසානයේ රජයේ ඉල්ලීම පරිදි රුපියල් 100 බැගින් වී කිලෝවක් මිල දී ගැනීමට තමන් ඇතුළු මහා පරිමාණ සහල් මෝල් හිමියන් එකඟ වූ බව අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන පවසයි.
“බොහොම කාරුණිකව ඉල්ලීමක් කළා, ගොවියන්ට මේ ගෙවන රුපියල් 100 මිල මදි, වී කිලෝ එකක් රුපියල් 140කට වැඩි විය යුතුමයි. ඉතින් අපි වී කිලෝවකට රුපියල් 120ක් වත් කරලා දෙන්න කියලා හිටං ඉල්ලීමක් කළා.
නමුත් ජනාධිපතිතුමාගේ සහ රජයේ ප්‍රධාන නිලධාරීන්ගේ අදහස වූයේ මේක රටේ බත් කන පාරිභෝගික ජනතාවගේ තියෙන ප්‍රශ්නෙත් එක්ක මේ කන්නයේ මේ විදියට කරලා ලබන කන්නයේ ඉඳන් වී මිල වැඩිකරමු කියන යෝජනාව තමයි අවසානයේ එකඟතාවකට ආවෙ.”
ඩඩ්ලි සිරිසේන මේ බව පැවසුවේ ඊයේ (16) ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.