විශ්වාසභංගයට පක්ෂ වූ TNA මන්ත්‍රීලාට රු. කෝටි 5 බැගින් කප්පම්!

July 12, 2019 at 2:56 pm | by emanisa.lk

විශ්වාසභංගය අවස්ථාවේ දෙමළ සන්ධානය ආණ්ඩුව සමග එක්ව ඊට එරෙහිව ඡන්දය ලබා දුන්නේ එක් දෙමළ සන්ධාන මන්ත්‍රීවරයෙකුට රු. කෝටි 05ක් ලබා දීමේ පොරොන්දුව පිට බව ශ්‍රිලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි.

“දෙමළ ජාතික සංවිධානය ආණ්ඩුවත් එක්ක ඡන්දය දුන්නේ එක් මන්ත්‍රීවරයෙකුට වැඩ කරන්න කෝටි 5ක් දෙන්න පොරොන්දු වු නිසයි.

ඊට අමතරව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකුත් අලුතින් ලබා ගත්තා. රිෂාඩ් බදියුදීන් ඇතුළු මුස්ලිම් මන්ත්‍රීවරු හෘද සාක්ෂියට විරුද්ධව ඡන්දය දුන්නේ යළිත් ඇමතිකම් ලබා ගැනීමේ අරමුණෙන්.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඡන්දය දීමෙන් වැළැකී සිටිමට තීරණය කර තිබුණත්, අවසානයේ ආණ්ඩුව රැක ගන්න ඡන්දය දුන්නා.

පාර්ලිමේන්තුවේ ඔලුගෙඩිවල මතය නෙමෙයි ජනතාවගේ මතය, ඒක මැතිවරණයක් තිබුණාම බලා ගන්න පුළුවන්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස