විපක්ෂෙ කියන්නේ රාජ්‍ය සේවක වැටුප් කපලා ඡන්දේ තියන්න ද…? – මුදල් රාජ්‍ය ඇමැති…

March 9, 2023 at 7:01 pm | by emanisa.lk

රටේ ප්‍රමුඛ වියදම් ලෙස පෙළගස්වා තිබෙන වියදම් ලැයිස්තුවෙන් මුදල් කපා දැමිය යුතු වියදම් තිබේ නම් පෙන්වා දෙන්නැයි විපක්ෂයෙන් ඉල්ලා සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

වැටුප් හා වේතන ගෙවීම, විශ්‍රාම වැටුප්, රෝහල්වල වෛද්‍ය සැපයුම්, මාසික සමෘද්ධි හා සහන සැපයීම්, වැඩිහිටි මූල්‍ය ආධාර, වකුගඩු රෝගීන් සදහා මූල්‍ය ආධාර ආදිය කල් දැමිය හැකිදැයි විමසූ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා විපක්ෂය කියන්නේ මේ වියදම් කපා ඡන්දය පවත්වන්න කියා දැයි ප්‍රශ්න කළේය.

අයවැයෙන් ඡන්දයට බිලියන දහයක් අනුමත වී තිබෙන අතර එය දෙන්නේ නැත්තේ ඇයි දැයි අහන බවත් අයවැය ලේඛනයක් යනු හැම විටම උපකල්පන වන අතර මෙච්චරක් ආදායමක් ලැබෙන විට මෙච්චර වියදම් කරනවා වැනි උපකල්පන අයවැය ලේඛනයේ සඳහන් වන බව රාජ්‍ය අමාත්‍යවරයා කීය.

සංකෝචනය වූ ආර්ථිකයක එම උපකල්පන හරියට ක්‍රියාත්මක වන්නේ නැතැයි රංජිත් සියඹලාපිටිය වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *