ඡන්දේ නෑ කියලා ඇප මුදල් ආපහු දෙන්න බෑ…! – මැකො..

February 22, 2023 at 11:20 am | by emanisa.lk

පළාත් පාලන මැතිවරණය මාර්තු මස 09 වැනිදා පැවැත්වීමට හැකියාවක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබුණ ද ඇප මුදල් නැවත නිකුත් කිරීමට මේ දක්වා හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඇප මුදල් යළි නිකුත් කළ හැකි වන්නේ නාමයෝජනා අවලංගු කිරීමකදී පමණක් බව එහි සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා සඳහන් කරයි.

මැතිවරණ පනත අනුව නාමයෝජනා අවලංගු කිරීමට නම් ආණ්ඩුව පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කළ යුතුය. එසේ නොවන්නේ නම් සීමා නිර්ණන ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කළහොත් පමණක් නාමයෝජනා අවලංගු වේ.

කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණය නොපවත්වන බවට මේ දක්වා නිශ්චිත ප්‍රකාශයක් සිදුකර නොමැති බවත් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත්තේ දැනට ප්‍රකාශයට පත්කර ඇති දිනයේදී එය පැවැත්වීමට පවතින අපහසුතාව පමණක් බවත් සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *