විදුලිය අඩු මිලට දෙන්න පුළුවන් සමාගමකට ලංවීම විකුණන්න හදනවා…! අපි ඒකට ඉඩ තියන්නේ නෑ…!

December 11, 2022 at 10:39 am | by emanisa.lk

ආණ්ඩුව අත්තනෝමතික ලෙස විදුලි බිල වැඩි කළහොත් ලංකා විදුලිබල මණ්ඩලයේ සියලු ම වෘත්තිය සමිති එක්ව දීපව්‍යාප්ත වැඩවර්ජනයක් දියත් කරන බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ‍රන්ජන් ජයලාල් පවසයි.

විදුලිබල මණ්ඩලයේ සේවකයන් මෙම විදුලි බිල වැඩි කිරීමට විරුද්ධ බවත්, රජය මේ හරහා උත්සාහ කරන්නේ විදුලිය අඩුවට දිය හැකි සමාගමක් වෙත විදුලිබල මණ්ඩලය විකිණීමට බවත් ඔහු සඳහන් කළේය.

එනිසා ඉදිරියේ දී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග රැසක් මීට එරෙහිව ක්‍රියාත්මක කරන බව හෙතෙම පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *