විදුලිබල මණ්ඩලේ දෛනික පාඩුව මිලියන 500යි…! මිල වැඩි කරන්න සූදානම්…! – කාංචන…

April 26, 2022 at 9:03 am | by emanisa.lk

විදුලි බිල්පත් වැඩිකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉල්ලීමක් කර ඇති බවත් ඊට මහජන උපයෝගීතා කොමිසමේ ද අනුමැතිය හිමිව ඇති බවත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

මේ වන විට විදුලිබල මණ්ඩලය දෛනිකව රුපියල් මිලියන 500කට ආසන්න මුදලක් බැගින් පාඩු ලබමින් සිටින බව පවසන අමාත්‍යවරයා උත්පාදන වියදමට ගැලපෙන ආකාරයේ මිල සූත්‍රයක් හඳුන්වාදීමට අවශ්‍ය බවත් සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් මෙම මිල වැඩිකිරීම නිසි ක්‍රමවේදයක් යටතේ සිදුවනු ඇති බව පැවසූ අමාත්‍යවරයා එය හෙට උදෑසන සිට සිදුවනු ඇතැයි කවුරුන් හෝ කියන්නේ නම් එය වැරදි බවත් ප්‍රකාශ කර ඇත.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මේ බව ප්‍රකාශ කළේ ඊයේ (25) දෙරණ රූපවාහිනී නාලිකාවේ පැවති සංවාදයකට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *