විග්නේෂ්වරන්ට තමන්ගේ මතය කියන්න පුළුවන්! – වාසු

September 3, 2020 at 8:21 am | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන්ට ඔහුගේ මතය පාර්ලිමේන්තුවේ පළ කිරීමට අයිතියක් ඇති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර සඳහන් කරයි.

එම ප්‍රකාශය පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට නොහැකි බවද ඔහු සඳහන් කළේය.

නමුත් ඔහුගේ මතයට කිසිවකු විරුද්ධ නම් ඊට විරුද්ධ වීමේ අයිතියද ඇතැයි ඇමැතිවරයා සඳහන් කළේය.

කිසිවෙකු විරුද්ධ වූවා කියා විග්නේෂ්වරන්ට ඔහුගේ මතය කීමේ අයිතිය නැති වෙන්නේ නැතැයිද ඇමැතිවරයා කියා සිටියේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස