වැලිකඩ කුඩු පූසා හිරෙන් පනී! අල්ලන්න මෙහෙයුම් ඇරඹෙයි!

August 3, 2020 at 9:11 am | by emanisa.lk

කොළඹ මැගසින් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය ගෙනයාම සඳහා යොදාගත් බළලා අතුරුදහන්ව ඇතැයි වාර්තාවෙයි.

බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන්නේ එම බළලා අතුරුදහන් වී ඇත්තේ කාමරයක රඳවා සිටියදී බවයි.

බළලා ලවා මත්ද්‍රව්‍ය ගෙන්වා ඇත්තේ කුමන රැඳවියෙකුටද යන්න සොයා ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇත.

පෙරේදා දිනයේ මෙම බලලා මැගසින් බන්ධනාගාරය අසලදී බුද්ධි අංශ නිලධාරීන් විසින් සිය භාරයට ගනු ලැබ තිබිණි.

හෙරොයින් කවරයක අසුරා බළලාගේ ගෙලේ බැඳ තවත් සිම් කාඩ්පත් දෙකක් සමග බන්ධනාගාරය තුළට යවා තිබේ.

බළලා සොයා ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස