වැය ශීර්ෂ පරාජයේ වගකීම භාරගෙන ආශු ඉල්ලා අස්වෙයි! පාඨලි සහ වජිරත් ඉල්ලා අස්වීමේ අවධානමක්!

March 29, 2019 at 3:46 pm | by admin

අයවැය දෙවන වර කියවීමේ දී පාර්ලිමේන්තුවේ වැය ශීර්ෂ දෙකක් පරාජයට පත්විමේ වගකිම භාරගනිමින් ආණ්ඩු පක්ෂයේ සහකාර ප්‍රධාන සංවිධායක මහාචාර්ය අශු මාරසිංහ එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති අතර ඔහු තම ඉල්ලා අස්විමේ ලිපිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත යොමුකර තිබේ.

අභ්‍යන්තර කටයුතු, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය හා බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ ඊයේ පාර්ලිමේන්තුවේදී පරාජයට පත්විය. මෙම පරාජයට හේතුව ආණ්ඩු පක්ෂයේ නොසැලකිල්ල බව අමාත්‍ය පාඨලි චම්පික රණවක චෝදනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *