වැඩි මිලට බඩු විකිණුවොත් වැඩ වරදී…! දඩය රු. කෝටි 02 දක්වා ඉහළට….!

September 5, 2021 at 8:57 am | by emanisa.lk

සීනි, සහල් සහ වී ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා පනවා ඇති උපරිම මිලට වඩා විකුණන සහ සපයන වෙළෙඳ සමාගම්වලට එරෙහිව රුපියල් කෝටි දෙකක් දක්වා ඉහළ දඩයක් නියම කිරීමට හැකි බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි. මෙතෙක් පැවැති උපරීම දඩය වන්නේ රුපියල් 2500 කි.

මේ පිළිබඳව පාරිභෝගික ආරක්ෂක පනතට නව සංශෝධන 75ක් ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න පවසයි.

ජනාධිපති විසින් පත්කරන ලද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයාගේ බලතල ප්‍රකාරව සීනි සහ සහල් කිසිදු හිඟයකින් තොරව ලබාදීමට පියවර ගන්නා බව ඇමැති ලසන්ත අලගියවන්න අවධාරණය කළේය. අනවසර ලෙස ගබඩාකර ඇති එවැනි තොග රාජසන්තක කර බෙදා හැරීමට පියවර ගනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *