වැඩි ආරක්ෂාවට සේනපුර යැවූ කන්දකාඩු රැඳවියන් පිරිසක් පනී..!

November 7, 2022 at 10:30 pm | by emanisa.lk

කන්දකාඩු පුනරුත්ථාපන රැඳවුම් මධ්‍යස්ථානයේ සිට සේනපුර පුනරුත්ථාපන රැඳවුම් මධ්‍යස්ථානය වෙත යැවූ රැඳවියන් 218ක් අතරින් පිරිසක් පළා ගොස් තිබේ.

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි පැවසුවේ ඉන් 20 දෙනෙකු මෙලෙස පළා ගොස් ඇති බවය.

ඒ අනුව සිදුකළ විමර්ශනවලදී පළාගොස් සිටි රැඳවියන් 6දෙනෙකු යළි අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබේ.

පළාගොස් සිටින අනෙකුත් රැඳවියන් 14 දෙනා සොයා මේ වනවිට වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තත්ත්වය පාලනය කිරීමෙන් අනතුරුව ගැටුම්වලට සම්බන්ධ නොවූ බවට අනාවරණය වූ රැඳවියන් 218ක් සේනපුර රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමුකරනු ලැබීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *