වසරකට පිට රටට දෙන මිලියන 3300ක් රටේ ඉතිරියි! අපේ දේශීය ඉන්සියුලින් සමාගමට මුල්ගල තැබෙයි!

September 19, 2020 at 6:35 am | by emanisa.lk

දියවැඩියා රෝගීන් වෙනුවෙන් ආනයනය කරන ඉන්සියුලින් ඖෂධය මෙරට නිෂ්පාදනය කිරීමට ඉදිකෙරෙන කර්මාන්ත ශාලාව සඳහා ඊයේ (17) මුල්ගල් තැබිණි.

මේ සඳහා මුල් වී කටයුතු කරන්නේ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමනය.

ඒ කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ දීය. රුපියල් බිලියන 3.5 ක ආයෝජනයක් වන මෙම නිෂ්පාදනාගාරයේ ඉදිකිරීම් මාස 24 ක් තුළ අවසන් කිරීමට නියමිතය.

දියවැඩියා රෝගීන්ගේ භාවිතය සඳහා ඉන්සියුලින් ඖෂධය දැනට ඉන්දියාව, පාකිස්තානය, බංග්‍ලාදේශය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය වැනි රටවල්වලින් ආනයනය කෙරෙන අතර ඒ සඳහා වාර්ෂිකව වැයවන මුදල රුපියල් මිලියන 3300කි.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සහ රදැල්ල සමූහ ව්‍යාපාරයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාවට නැංවෙයි.

අද පැවති උත්සවය සඳහා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, SPMC සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස