වසංගත තත්ත්වය අති භයංකරයි….! සති තුනකටවත් රට වසා දමන්න…! – සෞඛ්‍ය බලධාරීහු ආණ්ඩුවෙන් ඉල්ලති….

August 10, 2021 at 7:53 am | by emanisa.lk

සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් වසංගතය පාලනය සඳහා අවම වශයෙන් සති හතරකටවත් රට වසා දමා නිරෝධායන ඇඳිරි නීතිය පනවන ලෙස සෞඛ්‍ය බලධාරීන් රජයෙන් ඉල්ලා තිබේ.

රෝගීන් සහ මරණ සංඛ්‍යාව දිනෙන් දින වැඩි වීම සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි මට්ටමට පැමිණෙමින් තිබෙන බැවින්, මෙවැනි ක්‍රියා මාර්ගයක් ගැනීම අත්‍යවශ්‍ය බව ද ඔවුන් රජයට දැනුම් දී තිබේ.

කොවිඩ් ආසාදිතයින් තුන් දහසකට ආසන්න පිරිසක් දෛනිකව වාර්තා වෙමින් තිබෙන අතර දෛනික මරණ සංඛ්‍යාව ද සියය ඉක්මවමින් තිබේ.

ඉකුත් දින 13 ක කාලය තුළ පමණක් කොරෝනා මරණ දහසකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

මේ අතර බොහෝ රෝහල්වල මෘත ශරීරාගාර ද කොවිඩ් මෘතදේහවලින් පිරී ගොස් ඇති අතර රෝහල්වල වාට්ටු ද කොවිඩ් රෝගීන්ගෙන් පිරී පවතී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *