ආර්ථික අර්බුදයට හේතුව රට වසා දැමීමයි….! නැවත රට වහන්නේ නෑ….!

July 27, 2021 at 8:00 am | by emanisa.lk

සැප්තැම්බර් මාසයෙන් පසු රට වසා දැමීමට කටයුතු නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අමාත්‍ය මණ්ඩලයට ඊයේ (26) දැනුම් දී ඇත.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේ දී ඔහු කියා සිටියේ ජුලි සහ අගෝස්තු මාස අවසන් වන විට තවත් කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 10.5ක් මෙරටට ලැබීමට නියමිත බවයි.

එම එන්නත් ලබා දීමෙන් එන්නත්කරණය ද 80%කින් පමණ අවසන් වන බව ද ජනාධිපතිවරයා කියා සිටී. මෙරට ආර්ථික අර්බුදයට හේතුව කොවිඩ් නිසා රට වසා දැමීම බව ද ජනාධිපතිවරයා මෙහි දී අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *