වර්ජනය නිමකර පැයයි..! දුම්රිය නැවතත් වර්ජනයේ..! ජනතාව කබලෙන් ළිපට…!

January 14, 2022 at 1:14 pm | by emanisa.lk

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ ක්‍රියාත්මක කළ සංඛේත වැඩ වර්ජනය අවසන් කර පැය කිහිපයක් ගතවීමට පෙර නැවතත් හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

ඒ, එම සංගමයේ උප සභාපතිවරයාගේ වැඩ තහනම් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා කටයුතුකර ඇති බවට චෝදනා කරමිනි. ඒ අනුව දුම්රිය ස්ථානාධිපතිවරුන් අද දහවල් හදිසියේ රාජකාරීවලින් ඉවත්වී තිබේ.

එම සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර පැවසුවේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් අත්තනෝමතික ලෙස තම සංගමයේ උප සභාපතිවරයාගේ වැඩ තහනම් කිරීමට විරෝධය පලකරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *