වඳ කොත්තු වඳ සැත්කම් ගැන පාස්කු වාර්තාවේ නෑ…! සහරාන්ගේ පඩිය ගැනත් කිසි දෙයක් නෑ…! – අනුර…

February 26, 2021 at 3:07 pm | by emanisa.lk

පසුගිය මැතිවරණවල දී රාජපක්ෂවරුන් සහ පොහොට්ටුවේ නායකයන් ජාතිවාදය අවුස්සා සිය දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා විවිධ අසත්‍ය ප්‍රචාර සිදුකළ බවත් වඳ පෙති දැමූ කොත්තු, සිංහල කාන්තාවන් වඳ කරන සැත්කම් පිළිබඳව විවිධ චෝදනා එල්ල කළ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

කෙසේ නමුත් එම චෝදනාවලට වගකිව යුතු පාර්ශව පිළිබඳව කිසිවක් පාස්කු කොමිසම හමුවේ අනාවරණය වී නොමැති බව ඔහු පෙන්වා දෙයි.

ප්‍රහාරකයන්ගේ විස්තර සඟවන, ප්‍රහාරකයන් පිටුපට සිටි ඔවුන්ට අනුබල දුන් නායකයන් සඟවන, ප්‍රහාරකයන්ගේ දේශපාලන අරමුණු සඟවන, හුදෙක් ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූ පුද්ගලයන් පමණක් වැරදිකරුවන් කරන වාර්තාවක් බවට පාස්කු කොමිසමේ වාර්තාව පත්ව ඇති බව ද අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

අවම වශයෙන් මෙම වාර්තාවෙන් පාස්කු ප්‍රහාරය මරාගෙන මැරුණු කණ්ඩායමේ නායකයා වූ සහරාන් හෂීම් බුද්ධි අංශ වෙත ලබාදුන් බුද්ධි තොරතුරු හෝ ඒ සඳහා ඔහුට ගෙවා ඇති වැටුප් පිළබඳව හෝ අනාවරණය වී නොමැති බව අනුර දිසානායක පවසයි.

කෙසේ වුවද පාස්කු ප්‍රහාරය සඳහා අරමුදල් සපයා ඇත්තේ ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු වූ කෝටිපති ව්‍යාපාරික ඊබ්‍රාහිම් හජ්ජියාර්ගේ පවුලේ ව්‍යාපාරවලිනි. ඔහුගේ පුතුන් දෙදෙනෙක් පාස්කු ප්‍රහාරයේ මරාගෙන බෝම්බකරුවන් ලෙස කටයුතු කළහ.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස