ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ගොඩක් අඩුවෙලා! ලංකාවේ අඩු කළේ පුදුම හිතෙන තරම් පොඩි ගාණක්!

July 11, 2019 at 6:16 pm | by emanisa.lk

ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 9කින් අඩු වෙද්දී ශ්‍රී ලංකාවේ පෙට්‍රල් මිළ රුපියල් 2කින් පමණ අඩුවීම හා ඩීසල් මිල අඩු නොවීම පුදුම සහගත බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පවසයි.

පොදු පවාහන සේවා සපයන රථ සඳහා යොදාගනු ලබන්නේ ලංකා ඔටෝ ඩීසල් වුවද ලංකා ඔටෝ ඩීසල් මිළ අඩු නොකිරීම සමස්ත පාරිභෝගිකයින්ට අවාසිදායක බවත් එම සංවිධානය පවසයි.

මෑත කාලයේදී බොරතෙල් බැරලයක මිල වැඩියෙන්ම වාර්තා වී ඇත්තේ 2013 වසරේදීය. 2013 වසරේ දී බොරතෙල් බැරලයක මිල ඩොලර් 107 ක් විය. ඒ අවස්ථාවේදී අප රටේ 92 පෙට්රල් ලීටරයක් අලෙවි වූයේ රුපියල් 162 කටය. ලංකා ඩීසල් ලීටරයක මිල රුපියල් 121 ක් බවත් ඔවුන් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව