ලොහාන් රටට ම ආදර්ශයක් දුන්නා…! ස්වර්ණාභරණ කොල්ලයකට ගියා නම් ඒ ඇමැතිකමිනුත් අස්වෙයි..! – විමල්…

September 17, 2021 at 6:47 am | by emanisa.lk

ලොහාන් රත්වත්තේ ඇමති ධූරයෙන් අස් වීම බීමෙන් ලබා දී ඇත්තේ මෙරට දේශපාලන සංස්කෘතියටත් නව ආදර්ශයක් බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සඳහන් කරයි.

‘වැරදි සිදුවෙන්න පුළුවන්. හැබැයි ඒ වැරදි පිළිගෙන නිහතමානීව එම තනතුරින් ඉවත් වීමයි වැදගත් වෙන්නේ. අපේ රටේ දේශපාලන සංස්කෘතියට මීට කලින් වැනි ආදර්ශයන් එකතු වෙලා තිබුණේ නැහැ. ඒ අතින් ලොහාන් රත්වත්තේ මහතා තමන් අතින් සිදු වූ කුමක් හෝ අඩුපාඩුව පිළිඅරන් අමාත්‍ය ධුරයෙන් ඉවත් වෙලා තියෙනවා’

ලොහාන් රත්වත්තේ බන්ධනාගාර අමාත්‍ය ධූරයෙන් පමණක් ඉවත් වී මැණික් හා ස්වර්ණාභරණ අමාත්‍ය ධූරයේ තව දුරටත් රැඳී සිටීම ගැන මාධ්‍ය කළ විමසීමේ දී ඔහු මෙසේ ද සඳහන් කළේ ය.

‘ස්වර්ණාභරණ මංකොල්ලයකට ගියා නම් ලොහාන් රත්වත්තෙ මහත්තයා ඒ ඇමතිකමෙනුත් ඉල්ලා අස්වෙයි’

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *