ලූනු 92ට ගෙනැත් 365ට..අල 110ට ගෙනැත් 840ට විකුණලා.. ව්‍යාපාරික කල්ලියක් කෝටි 8000ක ලාභ උපයලා…!

April 1, 2024 at 3:30 pm | by emanisa.lk

2023 වසරේ දී මෙරටට බී ලූනු සහ අර්තාපල් ආනයනය කළ ව්‍යාපාරිකයින් රුපියල් කෝටි 8,000ක පමණ අයථා ලාභයක් ලබාගෙන ඇති බවට ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අනාවරණ වී තිබේ.

එම කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක මහතා අද (01) පාර්ලිමේන්තුවේදි ඊට අදාළ වාර්තා ඉදිරිපත් කරමින් මේ පිළිබඳ කරුණු පැහැදිලි කළේය.

2023 දී රු. 92ට ගෙන්නවන ලද බී ලූනු කිලෝවක් ඔරුගොඩවත්තේදී රු. 365කට අලෙවි කොට ඇති බවත් ඒවා පාරිභෝගිකයා අතට පත්වන විට කිලෝවක මිල රු. 700කට ආසන්න වන බව ද පාර්ලිමේන්තුවට පෙන්වා දුන්නේය.

අර්තාපල් කිලෝවක් රු. 110කට ගෙන්වා ඇතත් ඒවා අලෙවි කොට ඇත්තේ රු. 840කට බව ද පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඒ භාණ්ඩ ආනයනය කළ ව්‍යාපාරිකයන් කිහිප දෙනා දළ වශයෙන් ලබා ඇති ආදායම කෝටි 8,000ක් බවද ඒ අයථා ලාභ ලැබූ අයට බදු අය නොකොට ඇති බව ද ප්‍රකාශ කළ අතර, එවැනි ආනයනය කරන ලද භාණ්ඩ ලැයිස්තුවක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සභාගත කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *